නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිර්දේශය මතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැමිනට් මණ්ඩලය මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ක්‍රීඩා විද්‍යව පිළිබඳ දර්ශන ආචාර්ය උපාධියක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ආචර්ය ප්‍රනාන්දු මහතායි.

ඔහු 2017 සහ 2018 වසරවලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා සදහ පිරිනැමෙන ජනාධිපති ක්‍රීඩා සම්මානය මෙන්ම 2018 වසරේ විශිෂ්ටතම කුසලතා පූර්ණ ක්‍රීඩා විද්‍යාර්ථියා සදහා වන සේද ක්‍රීඩා සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content