නවෝත්පාදන ඉදිරියට ගෙන යාමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා අභ්‍යවකාශයේ ඵලදායි පාලනයක් අවශ්‍ය බවට එක්සත් ජාතින්ගේ සංවිධානය අවධාරණය කරනවා.

ඒ සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති සංග්‍රහය එළිදක්වමිනුයි එම සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් කියා සිටියේ.

අභ්‍යවකාශය සුරැකීමේ පොදු අවශ්‍යතාවය මූලික කරගනිමින් ජගත් සංවිධානයේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.

2013 වසරේදී චන්ද්‍රිකා 210 ක් පමණ දියත් කර තිබුණ ද පසුගිය වසරේදී චන්ද්‍රිකා 2470 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මේ අනුව අනතුරු, විවිධ ගැටීම් සහ සුන්බුන් ඇති වීමේ අවධානමක් ද පවතින බවටයි ජගත් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content