රට ගොඩනගන වැඩපිළිවෙලට සහය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගත යුතු බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කෙන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපතිවරයා සංකල්පය යථාර්තයක් බවට පත් කිරීමට සියලු දෙනා එක්විය යුතු බවයි පියල් නිශාන්ත මහතා පෙන්වා දුන්නේ.

ඊට ධීවර අමාත්‍යංශය පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව ද ඔහු සදහන් කළා.

ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය සමග ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාමට මත අමාත්‍යංශය සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content