ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (I.C.C) මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) – 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් සදහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 09/14 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය .
මොවුන් සහභාගී වන පළමු තරගය 09/18 දින ආරම්භ වන අතර 09/21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිසා එදින  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ .
දෙවන තරගය එළඹෙන 09/26 දින ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ .
නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 09/14 දින පස්වරු 04.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281  දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

WhatsApp Group

Skip to content