නවසීලන්ත කණ්ඩායම එළෙඹෙන අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ සංචාරයක නිරත වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර පන්දුවාර විස්සයි 20 තරග 5 කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරග තුන රාවල්පින්ඩි හී දී අප්‍රේල් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

අප්‍රේල් 25 හා 27 යන දිනවලදී අවසන් 20 යි 20 තරග දෙක ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහනත් සමග ඝට්ටනය වීම හේතුවෙන් ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් පාකිස්තාන තරග සංචාරය සදහා එක් නොවනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

WhatsApp Group

Skip to content