2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලෝක ශූර එංගලන්තය පරදා කඩුලු 9 ක සුපිරි ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9 ක් දැවී නියමිත පන්දුවර 50 අවසානයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 282ක්.

මෙහිදී ජෝ රූට් ලකුණු 77 ක් සහ නායක ජොස් බට්ලර් ලකුණු 43 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 2 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

මෙහිදී එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ඩෙවෝන් කොන්වේ හා රචින් රවීන්ද්‍ර දෙවැනි කඩුල්ලට පන්දු 211 කින් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 273 ක්.

තරගාවලියේ පළමු ශතකයේ උරුමකරුවා බවට පත් වූ කොන්වේ පන්දු 121 කින් නොදැවී ලකුණු 152 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 19 ක් සමගින්.

රවීන්ද්‍ර පන්දු 96 කින් නොදැවී ලකුණු 123 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම හයේ පහර 5 කින් හා හතරේ පහර 11 කින් වර්ණවත් වුණා.

WhatsApp Group

Skip to content