ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවැති පුහුණු තරගය කඩුළු 5කින් ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

හයිද්‍රබාද්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 345ක් රැස් කළා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 103ක් සහ  බාබර් අසාම් ලකුණු 80ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්තය පන්දුවාර 43යි පන්දු 4ක් තුළ කඩුළු 05ක් දැවී ලකුණු 346ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

රචින් රවින්ද්‍ර ලකුණු 97ක් සහ මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 65යි.

WhatsApp Group

Skip to content