2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන පිළිවෙළින් තහවුරු කර ගැනීමට සහභාගි වූ තරග හතරෙන් හතරම ජයගත් නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමත්ව සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගනිමින්.

තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

ඔවුන් සහභාගි වූ තරග තුනකින් තරග දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග හතරකට සහභාගි තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් හතර වන ස්ථානයේ පසුවනවා.

පස්වන ස්ථානයේ පසුවන පකිස්තානය තරග හතරකින් දෙකක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටිනවා.

තරග තුනකට සහභාගි වී සිටින එංගලන්ත කණ්ඩායම එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන හය වන ස්ථානයේ පසුවන අතර හත්වන ස්ථානයේ පසුවන්නේ තරග හතරකට සහභාගි වී ඉන් එක් තරගයක් ජයගෙන ප්‍රසාද ලකුණු දෙකක් ලබාගත් බංග්ලාදේශ කන්ඩායම හත්වන ස්ථානයේ පසුවනවා.

නෙදර්ලන්ත කණ්ඩායම අටවන ස්ථානයේ පසුවනවා.

ඔවුන් සහභාගි වී ඇති තරග සංඛ්‍යාව තුනක්.

ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර තිබෙනවා.

නවවන ස්ථානයේ පසුවන්නේ තරග තරගකට සහභාගි වී එක් තරගයක් ජයග්‍රහණය කර සිටින ඇෆ්ගනිස්ථානු කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 10 වන ස්ථානයේ පසුවන්නේ මෙතෙක් කිසිදු තරගයක් ජයග්‍රහනය නොකරයි.

 

WhatsApp Group

Skip to content