එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 21 වැනි තරඟය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ නවසීලන්ත කණ්ඩායම කඩුළු 04න් පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 273ක් රැස් කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් පන්දු 127දී ලකුණු 130ක් රැස් කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි ලකුණු 54ට කඩුළු 05ක් බිඳ හෙළීමට සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 274ක් ලබා ගණිමින් තඟය ජයග්‍රහණය කළා.

එහිදී විරාත් කෝල් ලකුණු 95ක් සහ නායක රෝහිට් ෂර්මා ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා.
2023 උධඍඛෘ ක්‍ඹඡ ෑඞඔඍධ
………………………………………………………………………………
රග්බි ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු 15ට 16න් ලෙස පරාජයට පත් කරමින්.

ඒ අනුව ලබව 29 වැනිදා පැවැත්වෙන රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව තරඟවැදීමට නියමිතයි.

WhatsApp Group

Skip to content