පාකිස්ථාන කණ්ඩායමට එරෙහි තෙවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 179 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content