ෆින්ලන්තයේ වැන්ටා නුවර වියටෝලා ප්‍රාථමික පාසලකදී පසුගියදා වෙඩි තැබීමක් සිදු වුනා.

12 හැවිරිදි සිසුවකු විසින් සම වයසේ පසුවන සිසුවකුට සහ සිසුවියන් දෙදෙනකුට මෙලෙස වෙඩි තැබූවේ නවක වදයට ලක්වීම හේතුවෙන් බව සැකකාර සිසුවා එරට පොලිසියට සඳහන් කර ඇත.

සැකකාර සිසුවාගේ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කළ සිසුවා පසුව ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබු සිසුවියන් දෙදෙනා වැඩිදුරට ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් විදෙස් වාර්තා සඳහන් කරයි.

WhatsApp Group

Skip to content