සංචාරක අකර්ශනයට සහ ප්රවර්ධනයට ප්රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙම බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සහ මධ්ය කාලීන විසඳුමක් ලෙස ආරක්ෂිත ආලේපන ගැල්වීම මහනුවර බිඟු මිතුරෝ සුරැකීමේ සංවිධානයේ ස්වේච්ඡා නිලධාරීහු පිරිසක් විසින් සිදු කළහ.
මධ්යම සංස්කෘතික අරමුදලේ මොණරාගල ව්යාපෘතිය යටතේ පුරාවිද්යා සහ දුම්රිය දෙපාර්තමේන්තුවල අධීක්ෂණයට අනුව ඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය හා ඇල්ල පොලීසිය එක්ව මෙම කටයුත්ත සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content