නයිජර් ජනරජයේ ජනාධිපති බලයෙන් පහ කර එරට හමුදාව විසින් සිදු කළ කුමන්ත්‍රනයක් හරහා රටේ බලය අල්ලා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නයිජර් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් බසූම් හමුදා ආරක්ෂාව යටතේ රඳවාගෙන සිටින බව මෙම කුමන්ත්‍රණය සිදු කළ හමුදා සාමාජිකයන් විසින් එරට නිල රූපවාහිනය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම නයිජර් ජනරජය තුල තිබෙන සියලු ආයතන අත්හිටුවා ඇති අතර, මේ වන විට දේශසීමා වසා දමා නැවත දැනුම්දෙන තුරු රට තුළ ඇඳිරිනීතිය පනවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content