බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකාරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ දිනයේ ඉදිරිපත් කළ අතර, එහිදී මෙම නියෝගය ලබා දීමටයි කටයුතු කළේ.

ජයනි නතාෂා එදිරිසූරිය නැමති මෙම කාන්තාව විදේශගතවීමට පැමිණි විට අත්අඩංගුවට ගන්නා ලෙස පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ආගමන විගමන නිලධාරින්ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුවයි.

ඒ අනුව ඇය ඊයේ අලුයම විදෙස්ගතවීමට සැලසුම්කර තිබියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර මෙම ප්‍රකාශය මෙන්ම දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තුමන්ත්‍රී චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර යන මහත්වරුන් මෙලෙස අදහස් පළ කළා

https://www.vnews.lk/storage/2023/05/MIX-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content