පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 නිකාඩෝ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබදව විවෘත කෙරුණි.

මෙම නවීන වෙළඳසැල හරහා පාරිභෝගික ජනතාවට ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව උම්බලකඩ ඇතුළු මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවකාශ සලසා දී තිබේ.

බදුල්ල දිස්ත්‍රීක් පර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මානව සම්පත් සංවර්ධන) අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, ලංකා ධීවර සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක සුරංග හිදැල්ලආරච්චි මහතා ඇතුළු ධීවර සංස්ථා නිලධාරීන් පිරිසක් සහභාගී විය.

WhatsApp Group

Skip to content