මාරවිල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ අතුරුදන් වු පුද්ගලයින් අතර ජපන් ජාතිකයෙකු ද වන බවයි.

පසුගිය 18 වනදා ඩිංගි යාත්‍රාවකින් මසුන් ඇල්ලීම සදහා පිටත්ව ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම යාත්‍රාව පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්වු පිරිස සොයා නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුමක් ආරම්භ කළ බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content