සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින් තවදුරටත් වැලකී සීටින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශයේ විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා සුළඟේ වේගය ඉහළ යා හැකි බව සඳහන්.

එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන ලෙසද ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content