සිය මුණපුරාගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින තෑග්ගක් ලෙසට යාපනය පදිංචි උමේශ්කරන්  විසින් ධාවනය කළ හැකි කුඩා ත්‍රීරෝද රථයක් සකස් කොට තිබෙනවා.

ත්‍රීරෝද රථ ගරාජයක් පවත්වාගෙන යන උමේශ්කරන් හා ඔහුගේ පියා විසින් සිය දරුවාගේ උපන්දිනය වෙනුවෙන් මෙම ත්‍රීරෝද රථය සකස් කොට තිබෙනවා.

මෙය දින 25 ක වැනි කාලයකින් සකස් කළ බවද ඔවුන් පවසනවා.

ත්‍රීරෝද රථය අඩි තුනක් පමණ උසකින් යුතු අතර ත්‍රීරෝද රථයක පවතින සියළු උපාංගයන්ගෙන් මෙය සමන්විත වනවා.

WhatsApp Group

Skip to content