ධාවනයෙන් ඉවත් ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට එක්කර තිබෙනවා.

බස් රථ 175 ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීමේ වැඩසටහන ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දීම පසුගිය දා සිදු වුණා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ ලේඛන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබුවා.

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනිමේ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් කර තිබුණා.

කෙසේ වෙතත් ඉවත් කර තිබූ එම බස් රථ 852 කින් බස් රථ 400 ක් නැවත අලුත්වැඩියා කිරීමටයි ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ.

මෙහිදි බස් රථ 15 ක් පාසල් ළමුන් ප්‍රවාහනය සදහා සිසු සැරිය වැඩසටහනට ලබා දීමට නියමිතයි.

මෙම බස් රථ අලුත්වැඩියාව සදහා රුපියල් මිලියන 300 කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content