දදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ රාත්‍රියේ පුරා ඇදහැ`ඵණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 14,000 ක් නිකුත් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එය ඉදිරියට තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා.

https://www.vnews.lk/storage/2023/10/SUGEESHWARA-EDIT-3.mp3?_=1

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content