දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක තිබී සැකකටයුතු ‍ලෙස මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් හමුව තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ නාවලතැන්නවත්ත, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 18 හා 29 වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක සිරුරු දෙකක් පාවෙමින් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිලි මත විමර්ශන ආරම්භ කළ බවයි.

තරුණයින් දෙදෙනා පසුගිය 22 වනදා ඔවුන්ගේ නවාතැන්පොළින් පිටව ගොස් ඇති අතර නැවතත් නොපැමිණීම හේතුවෙන් එම නවාතැන්පොළේ සිටි පුද්ගලයෙකු විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබු බව සඳහන්.

WhatsApp Group

Skip to content