මේ වන විට දේශීය වෙළදපොලේ බිත්තර අතිරික්තයක් පවතින බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දේශීය වෙළදපොල තුළ රුපියල් 30 සිට 42 දක්වා බිත්තර මිලදී ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයින්ට පවතින බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ කිසිදු ලෙසකින්වත් උත්සව සමයේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය සිදු නොකරන ලෙසටයි සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වෙළද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content