දේශීයව නිෂ්පාදනය කළ බිත්තරවල මිල අඩු වී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂාපදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සදහන් කළේ අද වන විට වෙළදපොලේ ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තරවල මිලට වඩා දේශීය බිත්තරවල මිල අඩු වී ඇති බවයි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක් රුපියල් 45 ක මිලකට අලෙවි වන විට ඒ හා සමාන බරින් යුතු දේශීයව නිෂ්පාදනය කළ බිත්තරයක් රුපියල් 40 කට අලෙවි වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content