දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා.

මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන සහ ජනතා සහය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

යෝජිත ණය ප්‍රතිව්‍යුහගතරණ සැලැස්ම අවසන් වශයෙන් සකස් වන තුරු වගකීමෙන් කටයුතු කරන ලෙසද වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන සහ සෙසු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

WhatsApp Group

Skip to content