දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබුණා.
ඒ අනුව අද පෙරවරු 09.30 සිට රාත්‍රි 07.30 දක්වා අදාළ විවාදය පැවැත්වෙනු ඇති.
ඉරිදා දින මෙම විවාදය නොපැවෙත්වෙන බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම ලබන 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමන් නොපැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.
එදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු ලබන 07 වන සිකුරාදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීරණය වී තිබෙනවා.
මේ අතර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය ඊයේ හිමිව තිබුණා.
මේ ඒ පිළිබද අදහස් දැක්වු එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.

https://www.vnews.lk/storage/2023/07/HARSHA-EDIT.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/SAGARA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content