දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත්වෙනවා.අද පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙනු ඇති .
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30ට පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
මේ අතර සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති බව සඳහන් .
නිදහස් පක්ෂය මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති අතර, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී රැස්වී අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි .
මේ අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් ද අනුමත කරනු ලැබුවා.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ මුදල් ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට විරුද්ධවීමට කිසිදු මන්ත්‍රීවරයෙකුට හැකියාවක් නොමැති බවයි

https://www.vnews.lk/storage/2023/07/SEHAN-SEMASINGHA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content