අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවයි.

ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මෙම නව දේශිය ආදායම් පනතෙන් හැකියාව ලැබී ඇති බව ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම මෙරට රාජ්‍ය බදු අයකර ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content