දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන වංචනික පිරිසක් පිලිබඳ දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි වාර්තාවන්නේ.

බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු නොකරන බවද සඳහන්.

ඒ අනුව වංචනික පුද්ගලයින් වෙත මුදල් ලබා නොදන ලෙසත් ඔවුන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content