බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ගාලු මුවදොර අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

කෙසේ වෙතත් එම පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමටයි අභියාචනාධිකරණය අද නියෝග කළේ.

WhatsApp Group

Skip to content