පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ ගම්පොල පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කටුනායක පැවැති ජන හමුවකට එක්වෙමින්.

කෘෂි නවීකරණය තුළින් රට ඉදිරියට ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අනුරාධපුරයේ පැවති සිය මංගල ජන රැළියට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content