ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදිරයේ ඇති බව දේශපාලන වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව පොදු ජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කරන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියා සිටියා.

එමෙන්ම හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහ ලේකම් ධූරය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස් වූ අතර එහිදී තීරණය වී ඇත්ත් නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග වැදීමටයි.

අනෙක් දිස්ත්‍රික්කවලට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට එහිදී තීරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content