කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබදව ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා.

මෙහිදි දේශපාලනඥයින් තමන්ට සිදුකළ බලපෑම් සහ මෑතකාලීන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් සිදුකිරීමට නියමිත බවටයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කළේ.

ස්ථාවර නියෝග යටතේ විවාදයකට සහභාගි විය නොහැකි බැවින් විශේෂ ප්‍රකාශයක් හමුවේ අදාළ කරුණු හෙළිදරව් කරන බවට ද එම ආරංචිමාර්ග සදහන් කළා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට සහ අනිද්දා යන දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත අතර එහි ඡන්ද විමසීම 20 වන දා පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ද වාර්තා වුණා.

මේ අනුව විපක්ෂය ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන බවටයි තොරතුරු වාර්තා වුණේ.

WhatsApp Group

Skip to content