යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් පළමු වරට දෙසැම්බර් 25 වන අද දිනයේදී නත්තල සැමරීමට තීරණය කර තිබෙනවා.

යුක්රේන සාම්ප්‍රදායිකව ජූලියන් දින දර්ශනය භාවිතා කර ඇති අතර, එම දින දර්ශනය රුසියාවයද භාවිතා කරමින් නත්තල සෑම වසරකම ජනවාරි 07 වැනිදා සැමරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

යුක්රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි විසින් මෙම නීතිය ජූලි මාසයේදී වෙනස් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ මෙය රුසියානු උරුමය අතහැරීමට ඉඩසැලසීමක් බවයි.

එමෙන්ම යුක්රේන වැසියන් එකට සිටිමින් එකම දිනයක, එකම පවුලක්, එකම රටක් ලෙස නත්තල සමරමු යනුවෙන් ජනාධිපති සෙලෙන්ස්කි විසින් නත්තල් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content