සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 99ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 399ක්.

අනතුරු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 33දී ලකුණු 317ක ඉලක්කයක් හිමි වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවට පන්දුවාර 28යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 217ක් පමණයි.

WhatsApp Group

Skip to content