එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ටේ‍රලියාව පන්දුවාර 83ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 339ක් රැස් කරගෙන සිටියා.

ස්ටීවන් ස්මිත් ලකුණු 85ක් සහ ඇලෙක්ෂ් කේරි ලකුණු 11ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

WhatsApp Group

Skip to content