උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙරට අමෙරිකානු තානාපති ජූලි චං  හමු වී තිබෙනවා.

උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරා දීම, අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සාධාරණය ඉටු කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

යාපනයේ පැවති අදාළ සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. විග්නේෂ්වරන්, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් ඇතු`ඵ පිරිසක් එක්ව සිටියා.

මේ අතර දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් , ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ද යොමු කර ඇති බව සඳහන්.

දෙමළ ජනතාවගේ ගැටලු සහ 13 වන සංශෝධනය බලාත්මක කර ගැනීමට ඉන්දියාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදි අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 3 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content