අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් ළමුන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ළමුන්ගෙන් අවුරුදු 2, 4, 5 සහ 13 යන වයස්වල පසුවන ළමුන් සිව්දෙනා එකම පවුලේ සහෝදර සහෝදරියන් වන අතර, ජීවිතක්ෂයට පත් වූ අනෙත් ළමයා 11 හැවිරිදි ඥාතියෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසේ වැඩිහිටියන් කිසිවෙකු සිට නොමැති අතර, මෙම ළමුන්ගේ පියා එම අවස්ථාවේ නත්තල් උත්සවය සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සාප්පු සවාරියක ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ ළමුන් ගේ හෝ පියාගේ නම් හෙළි නොකිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content