පානදුර – නුගේගොඩ මාර්ගයේ ගමන්ගන්නා බස් රථයක් මොරටුව පොලීසිය අසල ඇති බස්නැවතුම්පොළක සහ ට්‍රාන්ස්පෝමරයක් සහිත විදුලි කණුවක ගැටී තිබෙනවා.

බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහීම අනතුරට හේතු වී තිබෙනවා.

අද (19) දහවල් 2.30ට පමණ එම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරින් ට්‍රාන්ස්ෆෝමරයට සහ බස් නැවතුම්පොළට දැඩි හානි සිදුවී ඇති අතර බස් රථයේ කොන්දොස්තර සහ බස් නැවතුම්පොළේ සිටි කාන්තාවක් සුළු තුවාල සහිතව රෝහල් ගත කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

 

 

WhatsApp Group

Skip to content