දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

එම පනත සම්මත කර ගැනීමට රජය මේ වන විට තිරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර දූෂණ විරෝධි පනත් කෙටුම්පතට එකඟවිය නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා.

වංචා කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් දීමට ප්‍රමාණවත් නීති ඒ සදහා ඇතුළත් කර නොමැති බවයි එම පක්ෂය පවසන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද හෙට ඉදිරිපත් කරන දූෂණ විරෝධි පනත සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/PALITHA-RANGE-BANDARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content