දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතයි.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා සමාජයේ විවිධ ආන්දෝලනාත්මක කතා බහ ඇති වුනා.

මේ අතර වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දුෂණ විරෝධී පනත සඳහා කිසිඳු මහජන නියෝජිතයෙකු විරෝධතාවය පළ නොකරනු ඇති බවයි.

එමෙන්ම දූෂණ විරෝධි පනත් කෙටුම්පතට එකඟ විය නොහැකි බව, සමගි ජන බලවේගය පවසනවා.

ඒ, සොරකම් කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ වූ පුද්ගලයින්ට දඬුවම් දීමට ප්‍රමාණවත් නීති ඇතුළත් කර නොතිබීම හේතුවෙන් .

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, එවැනි හේතු මත දූෂණ විරෝධි පනත් කෙටුම්පතට සහය දීමට සිය පක්ෂයට හැකියාවක් නොමැති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පර්ලිම්නේතු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාද මේ සමබන්ධයෙන් අදහස් පල කලා .

https://www.vnews.lk/storage/2023/06/PALITHA-RANGE-BANDARA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content