දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබද විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

එම පනත් කෙටුම්පත පිළිබදව පසුගිය දා සමාජයේ විවිධ ආන්දෝලනාත්මක කතාබහක් ද ඇති වුණා.

එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකඟ විය නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා.

ඒ, සොරකම් කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ වූ පුද්ගලයින්ට දඩුවම් ලබා දීමට ප්‍රමාණවත් නීති ඇතුළත් කර නොතිබීම හේතුවෙන්.

මේ අතර දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස ගෙන ආ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

https://www.vnews.lk/storage/2023/06/LAKSHMAN-KIRIALLA-EDIT-.mp3?_=1

එමෙන්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/WIJEDASA-RAJAPAKSHA-EDIT-.mp3?_=2

මේ අතර නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව සම්පාදන කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/SARATH-JAYAMANNA-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content