දූෂණයට විරුද්ධ සැබෑ මහජන නියෝජිතයෙක් නම් අද(19) පැවැත්වෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව පාර්ලිමේන්තුවේදී අද(19) සිදු කිරීමට නියමිතයි.

ඒ් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කර සිටියා.

“අල්ලස සහ දුෂණය අවම කිරීම සඳහා කටයුතු කළ යුතු බව සියලු දෙනා අදහස් පළ කරනවා.

නමුත් කිසිම කෙනෙක් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමක් සිදු කළේ නැහැ.

ඒ නිසා එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තිය අනුව යමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව අද පාර්ලිමේන්තුවේදී සිදු වෙනවා.

එහිදී ඉදිරිපත් කරනු ලබන සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කිරීමට නියමිතයි.

මෙම පනත් කෙටුම්පත පිළිබදව මහජන නියෝජිතයින් වශයෙන් කටයුතු කරන කිසිම අයෙකුට විරුද්ධ විය නොහැකියි. 

දුෂණයට විරුද්ධව කථා කරන ලබන සියලු දෙනා මෙම පනත් කෙටුම්පතට සහාය ලබා දෙන මහජන නියෝජිතයින් පිළිබදව අවධානයෙන් සිටිනවා.

දුෂණ විරෝධි නව පනත් කෙටුම්පතට ඇතැම් මහජන නියෝජිතයින් පක්ෂවත් විපක්ෂවත් අදහස් පළ කළා.

මෙරට සිදු වන අල්ලස දුෂණය වංචාව තුරන් කිරීම සඳහා කටයුතු කළ බව අදහස් පළ කළ පමණින් එය සිදු වන්නේ නැහැ.

නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි නව නීති අණ පනත් අවශ්‍යයි.

ඒ අනුව ඉදිරිපත් කර ඇති නව දුෂණ විරෝධි පනතට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.”

WhatsApp Group

Skip to content