දුෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එමෙන්ම පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියවීම එළඹෙන 19 වනදා දක්වා කල් තැබීමටයි එහිදී කටයුතු කළේ.

මෙහිදී ආණ්ඩුව විසින් දූෂණ නිරෝධී පනත් කෙටුම්පත සම්මත නොකර කල් දැමීමට කටයුතු කරන බවට සිදු කළ ප්‍රකාශයත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කළ අතර, එහිදී පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වය හට ගැනුනා.

පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට මෙලෙස සම්මත නොකර කල්දමන බවට සභානායකවරයා සදහන් කළද, පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නම් සදහන් කළේ කල් දැමීමට තමා හේතුවක් නොදන්නා බවයි.

මේ විවාදයට එක්වෙමින් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා.

https://www.vnews.lk/storage/2023/07/RAJITHA-EDIT.mp3?_=1

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-EDIT-2.mp3?_=2

ඒ අනුව පනත් කෙටුස්පත සම්මත කර සංශෝධන සදහා 19 වැනිදාට කල් දමන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/SUSIL-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content