දුෂණ විරෝධි පනත් කෙටුම්පත බලාත්මක කිරීම සදහා තවත් මාස දෙකක පමණ කාලයක් ගතවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවද ඊට අදාළ රෙගුලාසි රැසක් තවමත් සකස් කරමින් පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

නව දුෂණ විරෝධි පනත බලාත්මක වීමෙන් පසුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව නව පනතේ බලතල ප්‍රකාරව ක්‍රියාත්මක වනු ඇති.

දුෂණ විරෝධි පනත් කෙටුම්පත් කිසිදු ඡන්ද විමසීමකින් තොර පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

WhatsApp Group

Skip to content