අවිස්සාවේල්ල, බදුවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ දියණිය ද පහර කෑමට ලක්වී අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුුුවා.

ඔවුන්ගේ නිවසේ නතරවී සිට ඇති තරුණයෙකු දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා අතර ඇතිවු ආරවුලකදී තරුණයා විසින් එම තරුණියට තියුණු ආයුධයකින් පහර දී තිබුණා.

ඊට මැදිහත් වු තරුණියගේ පියාට ද තරුණයා පහර දී තිබෙනවා.

එහිදී පහර කෑමට ලක්වු ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 60 හැවිරිදි පියා මියගොස් ඇති බව වාර්තා වුණා.

සිද්ධියට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content