දුර්ලභ ඝනයේ වාලම්පුරියක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාරවිලදී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අදාළ වාලම්පුරිය බරින් කිලෝ 01යි ග්‍රෑම් 105ක් වූ අතර අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්..
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කරුවලගස්වැව වනජීවී කාර්යාලය වෙත භාර දී තිබෙනවා.