පාසල් දරුවන් දුම්වැටිවලට හුරුවීමට ප්‍රථම බෙහෝ අවස්ථාවල දුම්කොළ භාවිත කිරීම ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගෙන් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩල සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසනවා.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ දුම්වැටි සහ මධ්‍යසාර සමාගම් විසින් සිදුකරන ලද පෙළඹවීම් හේතුවෙන් දරුවන් බහුල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹ ඇති බවයි.

මේ අනුව මත්ද්‍රව්‍යවල පවතින නීරස සහ අනිසි ප්‍රතිඵල පිළිබදව කුඩා කළ සිටම දරුවන්ව දැනුවත් කළ යුතු බවටයි අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩල සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසා සිටියේ.

WhatsApp Group

Skip to content