දුම්කොළ භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවයි.
එමෙන්ම බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් වන බවයි ඒ මහතා සඳහන් කලේ.

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතයට රුපියල් මිලියන 520ක් වියදම් කරන බව ද ඒ මහතා සඳහන් කලා.

වැඩිදුරටත් අදහස දක්වමින් ඒ මහතා සඳහන් කලේ මෙරට අඩු වෙමින් පවතින සිගරට් භාවිතය තවදුරටත් අඩු කිරීමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ වෙනස්කම් කිහිපයක් සිදුවිය යුතු බවයි.
නමුත් ඒ පිළිබදව වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් කරමින් තිබුනද එම යෝජනා ක්‍රියාවට නැංවීම සිදු නොකිරීම කනගාටුවට කරුණක් බවයි විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content