පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර මානික්කම් පට්ටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ලබන හෙට සිට 13 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් .

ඒ අනුව මෙම හරස් මාර්ගය හෙට පෙරවරු හතේ සිට පසුදා පස්වරු 8.30 දක්වා අර්ධ වශයෙන් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම ලබන 12 වනදා පෙරවරු හතේ සිට පසුදා පස්වරු 8.30 දක්වා එය වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇති .

කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ එම කාලය තුළ දී මුස්ලිම් කොළණි පාර දුම්රිය හරස් මාර්ගය ඔස්සේ රථවාහන ධාවනය කළ හැකි බවයි.

WhatsApp Group

Skip to content