සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව දුම්රිය ධාවනය අද දහවල් වනවිට යථාවත් වනු ඇති බවද ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් පවසනවා.

මේ අතර රටේ පොදු ජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීම සදහා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් යළි සේවයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු රාජ්‍ය වියදම් පිළිබද කැබිනට් අනුකාරක සභ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/BANDULA-EDIT-01-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content